මෙරට ආර්ථිකයට ශක්තියක් වන විදේශ ශ්‍රමික ප්‍රජාව සහ ආරක්ෂක යන අංශයන්හි සියලුම සේවක ප්‍රජාව ඇතුළුව, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සහ ධීවර යන සියලුම බලවේගයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ මහපොළොව මත නිරතුරුවම පෙනී හිඳිමින් ආර්ථික සමාජීය වෙනස්කම් හමුවේ කම්කරු ජනතාව ආරක්ෂා කර ගැනීමට එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරු අමාත්‍යවරයා වශයෙන් ද ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ද ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් කටයුතු කළේය. ඒ අනුපමේය මෙහෙවර තව දුරටත් ඉදිරියට ගෙන යමින් අදත් හෙටත් මතුවටත් කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට වගකීම් සහගතව මම බැඳී සිටින්නෙමි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය අද දින නුගේගොඩදී සාර්ථකව පැවැත්විණි. පොදුජන මැයි රැලිය ශක්තිමත් කිරීමට රොඳ බැඳි ආදරණීය ඔබ සැමට මාගේ ස්තූතියත් ගෞරවයත් පුද කරමි.